සමිතා මුදුන්කොටුව කියපු ගමන්ම අපට මතක් වන ගීතයන් රාශියක් තිබෙනවා. ඉර පායා යන ගීතය ඔස්සේ ඇය ලංකාවේ සිටින ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියා.
ඇයගේ පළමු විවාහයේ සැමියා වන අතුල අදිකාරි සමග ගායනා කරන ලද සඳ තරු මල් ගීතය ඔස්සේ විශාල රසික පිරිසක් ඔවුන් දෙපළට ආදරය කරන්නට පටන් ගත්තා. අදටත් ඒ ගීතයට ඇත්තේ පුදුමාකාරයේ රසික ප්‍රතිචාරයක්. එසේ වීමට හේතුව වන්නට ඇත්තේ ඔවුන් දෙපලගේ ගායන සුසංයෝගයට ගැලපෙන ආකාරයෙන්ම ඇයගේ දියණියවත් එම රූප රචනයට යොදාගත් නිසාවෙනි.
සමිතා මුදුන්කොටුව මේ වන විට ඇයට වඩා වයසෙන් ගොඩක් බාල චිරන්ත නම් තරුණයෙක් සමග විවාහ දිවිය ඉතාමත්ම සතුටින් ගත කරනවා. චිරන්ත වයසින් බාල තරුණයකු වුණත් නිවසේ සියලුම වැඩ කටයුතු වගකීමකින් යුක්තව සිදුකරන බව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දමනා එක් එක් වීඩියෝ පට තුළින් පැහැදිලි කරගන්නට පුළුවන්.
පසුගිය දිනෙක අතුල සහ සමිතා එක්ව ‘ආයෙමත් ආදරෙන්’ ගීතය ඔවුන්ගේ කටහඩවල් වලින් නැවත ප්‍රතිනිර්මාණය කළා. ඉතින් ඒ ගීතය සඳහා රසිකයන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ඔවුනට ලැබෙනවා. සමාජ මාධ්‍ය තුළ මේ දවස්වල සැරිසරන අපූරු වීඩියෝවක් තිබෙනවා. එම වීඩියෝව තුළ අතුල අදිකාරිත්, චිරන්තත්, සමිතා මුදුන්කොටුවත් එක ලඟ වාඩි වී සිටින අතර එහිදී සමිතා හරි අපූරු කතාවක් කියනවා.
“ගොඩක් අය කියන දෙයක් තමයි මගෙයි අතුලගෙයි කටහඬවල් එකතු උනාම පුදුම සංයෝගයක් කියලා. ගොඩක් ප්‍රේක්ෂකයෝ අපි දෙන්න එකට ගීත ගායනා කරනවා ට කැමතියි. ඉතින් ඒ ප්‍රේක්ෂකයන් අතරෙ වැඩිපුරම ඒ සුසංයෝගය ට කැමති කෙනෙක් තමයි චිරන්ත කියන්නෙ. ඔහු නිතරම කියන්නේ මගෙ කටහඬ ගැලපෙනම කෙනා අතුල විතරයි කියලා. ඇත්තටම ඒ තේරුම් ගැනීම ගොඩක් වටිනවා. මට හරි සතුටුයි ඒ ගැන.”