වෙළඳපොලේ පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.
පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.
මේ දිනවල පොල් අස්වැන්නේ කඩා වැටීමක් සිදුව ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්ත්වය පෙබරවාරි මස අවසානය දක්වා පැවතිය හැකි බවයි ඔහු පවසන්නේ.
මේ වසරේ පොල් ගෙඩි මිලියන 3300ක අස්වැන්නක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.