27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට බිලියන 108ක් ණයයි

තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට බිලියන 108ක් ණයයි

විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට ලබාදුන් ණය මුදල ඉල්ලා සිටින්නේ වියදම් පාලනය කිරීමට නම් විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

ජනවාරි 15 ​​වැනිදා සිට පෙබරවාරි 15 ​​වැනිදා දක්වා විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පසුගිය සතියේ විදුලිබල මණ්ඩලය නිවේදනය කළද එම තීරණය අත්හිටුවා ඇත.