ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.
දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක්, දින 22කට සරිලන දැවි තෙල් පමණක් බවත් හෙතෙම සදහන් කරයි.