― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනවසීලන්ත අගමැති පෙබරවාරියේ ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අගමැති පෙබරවාරියේ ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. සිය ඉල්ලා අස්වීම ගැන දැනුම් දෙමින් 42 ආර්ඩර්න් පැවසුවේ ගිම්හාන විවේකයේ දී තමන්ගේ අනාගතය ගැන සලකා බැලීමට කාලය ගත වූ බවයි.

වසර 06ක අභියෝගාත්මක කාලයත් ගත වූ බවත් ඇය මෙහිදී පවසා තිබෙනවා. ඇයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පදුවන නවසීලන්ත අගමැති තනතුර සඳහා වෙනත් සුදුස්සෙකු තීරණය කිරීම සඳහා ඉදිරි දිනවල දී ඡන්දයක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ජසින්ඩා ආර්ඩන්ගේ ධූර කාලය පෙබරවාරි 07න් පසුව අවසන් වන අතර මහ මැතිවරණයක් ඔක්තෝබර් 14 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉදිරි මැතිවරණයේදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ආර්ඩර්න් ප්‍රකාශ කළා.

මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන නවසීලන්ත නියෝජ්‍ය අගමැති ග්‍රාන්ට් රොබට්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මීළඟ කම්කරු නායකයා ලෙස පෙනී සිටීමට උත්සාහ නොකරන බවයි.

ජසින්ඩා ආර්ඩර්න් 2017 වර්ෂයේ දී නවසීලන්තයේ අගමැති ලෙස තේරී පත් වූ විට ඇයගේ වයස අවුරුදු 37ක්. ඒ වනවිට ඇය සැලකුවේ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව ලෙසයි.