28.2 C
Colombo
Wednesday, May 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අද (19) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

දෙදින නිල සංචාරයක් සඳහායි ජයිශංකර් ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙන්නේ. එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මෙම සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.