27.8 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ළඟ තිබී දුර්ලභ ගජමුතුවක් හමුවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ළඟ තිබී දුර්ලභ ගජමුතුවක් හමුවෙයි

මොරගහහේන ගෝනපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සන්තකයේ තිබී දුර්ලභ වර්ගයේ ගජමුතුවක් හමුවී තිබෙනවා.

සැකකාරිය 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

සොයාගත් ගජමුතුව දුර්ලභ එකක් බවට ජාතික කෞතුකාගාරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් වාර්තාවේ සඳහන් වන බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය ප්‍රකාශ කළා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සතුව ගජමුතු තිබෙන බවට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකාරිය ගජමුතුවක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම කාන්තාවට ගජමුතුව ලැබුණු ආකාරය සොයා විමර්ශන සිදුකරන අතර ගජමුතුව තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තක්සේරු වාර්තාවක් ද ලබා ගැනීමට නියමිතයි.