27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් සමාජගත වීමේ අවදානමක්

ඔමික්‍රෝන් සමාජගත වීමේ අවදානමක්

මේ වනවිට කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව වි‍ශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය,

“මේ සතියේ රෝගීන් එක්දහස් ගාණනක පමණ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම පාසල් ළමුන් හරහා මෙම රෝගය තමන්ගේ පවුලට, සමාජයට පැමිණෙන බව පැහැදිලිවම දැනගන්න ලැබිලා තියෙනවා. හැබැයි මේ එන්නත්කරණය නිසා බෝහෝදෙනෙක් දන්නවා සංකූලතාවලින් තොරව රෝගය සුව වෙන්න මෙම එන්නත උයෝගි වෙනවා. මේ අනුව අපිට පෙනී යන කාරණයක් තමයි රෝගීන් එන්නත ගැන පූර්ණ විශ්වාසය තබමින් රෝගය වැලඳී තිබියදී කිසිම වෛද්‍ය උදේශයක් නොගනිමින් ගෙදරම රැඳීසිටින බව..”

“එන්නතේ මාත්‍රා තුනම අරගෙන තිබුණත් අනිවාර්යෙන් ඔබ වෛද්‍යවරයෙකුගේ උපදෙස් කරා යොමුවිය යුතුයි. ඔමික්‍රෝන් ප්‍රභේදය විදේශවල සිට පැමිණෙන රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ ආශ්‍රිතයන් හරහාත් සමාජගතවෙමින් පවතින බවට අපිට ඉඟියක් තිබෙනවා.”

“ඒක නිසා අපි හැමවෙලාවෙම සෞඛ්‍ය‍ පුරුදුවලට අනුගතවීම වැදගත්. එහෙම නොවුණොත් ඉදිරි සති දෙක තුළ නැවතත් ඔමික්‍රෝන් ප්‍රභේදය හෝ ඩෙල්ටා ප්‍රභේදය නැවත රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා.”