26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමන් දේවාලයේ සොරකමක් ගැන විමර්ශන CIDයට

සමන් දේවාලයේ සොරකමක් ගැන විමර්ශන CIDයට

රත්නපුර මහ සමන් දේවාලයේ සිදුවූ සොරකම සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

පසුගිය 8 වනදා සිට 9 වනදා දක්වා වූ කාලසීමාවේදී දේවාලයේ පඬුරු කාමරයේ සිදුව ඇති මුදල් සොරකම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගිනුයි මෙතෙක් සිදු කරනු ලැබුවේ.

එහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම විමර්ශන සම්බන්ධ කඩිනම් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙසටයි එම නියෝගය මගින් උපදෙස් ලබාදී ඇත්තේ.