― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඑස්. ජයිශංකර් හා අලි සබ්රි අතර හමුවක්

එස්. ජයිශංකර් හා අලි සබ්රි අතර හමුවක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී තිබේ.

ඊයේ (19) රාත්‍රියේදීයි එම හමුව පවත්වා ඇත්තේ. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වෙයි.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අමාත්‍ය අලි සබ්රි හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට ආයෝජන ප්‍රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.