― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආයුර්වේද ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක්

ආයුර්වේද ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක්

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් පවතින බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන පැවසුවේ රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ බාධාවක් මතුව ඇති බවයි.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 137ක් නිෂ්පාදනය කිරීම සීමා කර ඇති බවද ඔහු සඳහන් කළා.

වෙනත් රටවල වගා කරන ඖෂධ පැළෑටි සහ සමහර ඖෂධීය අමුද්‍රව්‍ය අනිවාර්යයෙන් ආනයනය කළ යුතු බව පැවසූ කොමසාරිස්වරයා අවධාරණය කළේ
ඖෂධ අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කරන බවත් දැන් ඒවායේ මිල ඉහළ යමින් පවතින බවත් පැවසීය.