27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුන්ගේ වැරදිවලට ගුරුවරු මෙහෙමත් දඬුවම් දෙනවද?

සිසුන්ගේ වැරදිවලට ගුරුවරු මෙහෙමත් දඬුවම් දෙනවද?

බේරුවල ප්‍රසිද්ධ පාසලක 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික ලෙස වේවැල් පහර දුන් එම විදුහලේ ගුරු හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේ එකම පන්තියේ සම වයසේ 12 හැවිරිදි සිසුන් දෙදෙනෙකු ක්‍රීඩාංගණය තුළදී පොර බදා, රණ්ඩු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පන්තිභාර හිමිනම ඉන් එක් සිසුවෙකුට මෙසේ පහර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පහර කෑ සිසුවා මේ වනවිට කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.