25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට අනිවාර්ය විදුලි කප්පාදුවක්?

අද සිට අනිවාර්ය විදුලි කප්පාදුවක්?

ඊයේ පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

එම නිසා අද (18) සිටම පැය එකහමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් අද (18) දිනයෙන් අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අදින් පසු විදුලිය ලබා දෙන්නේ කෙසේදැයි යන්න තීරණය වන්නේ ඉන්ධන ලැබෙන නොලැබෙන තීරණය මත බවද සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.