30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි සැර වැදීමෙන් අයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් අයෙක් ජීවිතක්ෂයට

ඊයේ (22) සවස මහව පොලිස් වසමේ උක්වත්තේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බවට මහව පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

මහව පොලිස් ස්ථානය විසින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 57 ක් වන මැදගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා උක්වත්තේගම කුකුළු ගොවිපළක් රැකබලා ගැනීමේ නිරතව සිටින අතර ගොවිපොලට බල්ලන් ඇතුළු වීම වැළැක්වීමට අදින ලද විදුලි රැහැනක් පාදයේ පැටලීමෙන් විදුලි සැර වැදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත දේහය මහව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.