26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.

ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිට එම විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.