― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයතුරුපැදි හොරකමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

යතුරුපැදි හොරකමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

පෙරේදා (21) පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු යතුරුපැදියක් නවත්වා පරික්ෂා කිරීමට යාමේදී එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් එය නතර ගත් මෙහොතේ යතුරුපැදියේ සිටි අය පිහියක් පෙන්වා පොලිස් නිලධාරින්ට පහර දීමට උත්සාහ කර තිබෙන බව පොලිසිය වාර්තා කළා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ඔවුන් පදවාගෙන ආ යතුරුපැදිය බණ්ඩාරගම පොලිස් වසමෙන් සොරකම් කරන ලද යතුරුපැදියක් බවත් සැකකරුවන් විසින් පිළියන්දල පොලිස් වසමේදි ත්‍රීරෝද රථයක් සොරකම් කර එහි බැටරිය සොරකම් කිරීමේ අපරාධයකටද සම්බන්ධ බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 33 හා 38 ක් වියැති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් (23) අද දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.