29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනේපාල ප්‍රධාන පුහුණුකරු ධුරයට ධම්මික ප්‍රසාද්ගේ නමත්

නේපාල ප්‍රධාන පුහුණුකරු ධුරයට ධම්මික ප්‍රසාද්ගේ නමත්

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.

නේපාල ක්‍රිකට් සංගමයේ (CAN) මූලාශ්‍රවලට අනුව, 40 හැවිරිදි ධම්මික ප්‍රසාද් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කර ඇති අතර මෑතකදී අන්තර්ජාලය හරහා සම්මුඛ සාකච්ඡාවකටද එක්ව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයට සහ ස්කොට්ලන්තයට එරෙහිව නේපාලය ක්‍රීඩා කළ තරඟාවලි දෙකක් සඳහා නේපාල කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ධම්මික ප්‍රසාද් කටයුතු කර තිබේ.

මොන්ටි දේසායි (ඉන්දියාව), ග්ලෙන් පොක්නාල් (නවසීලන්තය), රසල් ඩොමින්ගෝ (දකුණු අප්‍රිකාව) සහ ඩේව් වට්මෝර් (ඕස්ට්‍රේලියාව) මෙසේ අවසන්වරට තෝරාගෙන ඇති පුහුණුකරුවන් අතර සිටියි.