27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිදියගම සෆාරියේ ‘ඩෝරා’ මහජන ප්‍රදර්ශනයට

රිදියගම සෆාරියේ ‘ඩෝරා’ මහජන ප්‍රදර්ශනයට

රිදියගම සෆාරි උද්‍යානයේ ‘ඩෝරා’ නම් මාස හතර හමාරක් වයසැති සිංහ පැටවා අද (18) මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. ඇය උදේ 9.00 සිට 10.30 දක්වා සහ සවස 3.30 සිට පස්වරු 5.00 දක්වා දැකගැනීමේ හැකියාව පවතී.

ඇය රිදියගමදී උපත ලැබූ සිව්වැනි පැටවායි. සිංහයා (පැටවාගේ මව) ඇය ඉපදුණු විගසම පැටවා අතහැර දැමූ බව ජර්මිලා මහත්මිය පැවසුවාය.

“සෆාරි පාර්ක් සේවකයින්ට ඇයව රැකබලා ගැනීම සහ පැය 24 පුරාවටම ඇයව ඇති දැඩි කිරීම පැවරී ගෙන තිබෙනවා. ඇය කිරි සහ මස් අනුභව කරන අතර හොඳින් වැඩෙමින් සිටී.
ඇගේ වයස මාස හතර හමාරක් පමණක් වන බැවින්, මුළු දවසම ඇයව මහජන ප්‍රදර්ශනය සඳහා නිදහස් කිරීමට අපට නොහැකි ”

සෆාරි උද්‍යාන කළමනාකාරිත්වය දිනකට දෙවරක් මෙම පැටවා මහජන නැරඹීම සඳහා සූදානම් කිරීමට තීරණය කර තිබේ.