― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනියමිත වෙලාවට පෙළපොත් ලබා දෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

නියමිත වෙලාවට පෙළපොත් ලබා දෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර පෙළපොත් මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළ පොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.