― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsආයුර්වේද සංස්ථාවට කෝටි 47ක දිරි දීමනා ගෙවලා

ආයුර්වේද සංස්ථාවට කෝටි 47ක දිරි දීමනා ගෙවලා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට 2020 වර්ෂයේදී සහ පසුගිය වර්ෂ හයකදී අනුමැතියකින් තොරව දිරිදීමනා වශයෙන් රුපියල් කෝටි 47කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සේවකයන් සඳහා 2020 වර්ෂයේදී දිරිදීමනා ගෙවා තිබුණේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු 1994 ජුනි 14 දිනැති අංක 95 දරන චක්‍රලේඛ නියමයන්ට පටහැනිව බවද එහි දැක්වේ.

මේ අතර රාජ්‍ය අංශය සඳහා නිෂ්පාදන වර්ග 134 ක ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් සංස්ථාවට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 8 කට ආසන්න මුදලක් අහිමිවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අලෙවි ප්‍රවර්ධන ප්‍රයත්නයකින් තොරවම රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලිය නොහැකිවීම හේතුවෙන් සංස්ථාව සඳහා නිශ්චිත වෙළෙඳපොළ කොටස අත හැරී යෑමේ අවදානමක් පැවතුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

#lankadeepa