29.3 C
Colombo
Sunday, May 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පරීක්ෂණ අරඹයි

පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පරීක්ෂණ අරඹයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරව සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත බාර දී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත නාරාහේන්පිටිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

එදින රාත්‍රියේ ඇති වූ සිද්ධියකින් අනතුරුව ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් ප්‍රකාශ කළේ පොලිස් ප්‍රහාරයෙන් ඔහු මියගිය බවයි.