28.5 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalවිදේශිකයින්ට පමණයි සංචාරක නිකේතනවලට වැඩ වරදියි

විදේශිකයින්ට පමණයි සංචාරක නිකේතනවලට වැඩ වරදියි

ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ආයතන ‘විදේශිකයන්ට පමණයි’ යනුවෙන් වෙන් කර සේවාවන් සපයයි නම් ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඇතැම් සාංචාරක සේවා සපයන ආයතන දේශීය ජනතාව නොසළකා හරිමින් විදේශිකයන්ට පමණක් සේවා සැපයීමට කටයුතු කරන බවට ලැබුණ තොරතුරු අනුව සංචාරක සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන තිබේ.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතිය, ආගම, කථාකරන භාෂාව, ස්ත්‍රී පුරුෂ බව හෝ එවැනි වූ වෙනත් කාරණයක් මුල්කරගෙන අසමාන වූ සැලකීමකට ලක් විය නො හැකි බවයි.

එබැවින් විදේශිකයන්ට පමණයි යනුවෙන් කාණ්ඩ කිරීමකට ලක් කර සංචාරකයින් සඳහා සේවාවන් සැපයීමෙන් වළකින ලෙස ඔවුන් සෑම සංචාරක නිකේතනයකින්ම ඉල්ලයි.

පසුගිය සමයේ කෝවිඩ් 19 හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑම් එල්ල වී තිබූ කාල සීමාව තුළදී සංංචාරක හෝටල් සහ එම කර්මාන්තය යම් තරමකින් හෝ ආරක්ෂා වූයේ දේශීය සංචාරකයින් විසින් එම කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය නිසා බව සිහි ගන්වන සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඔවුන්ට ඒ සඳහා කර්මාන්තයේ නියැලෙන්නන් විසින් ප්‍රතිඋපකාර කළ යුතු කාලය එළඹී ඇති බවයි.