― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ණය අර්බුදය විසඳීමට ජපානය ප්‍රමුඛත්වය දෙයි

මෙරට ණය අර්බුදය විසඳීමට ජපානය ප්‍රමුඛත්වය දෙයි

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවයි.

එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.