තමා ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය. කටකතාවලට ප්‍රතිචාර දක්වමින් කාලය කා දැමීමෙන් ඵලක් නැති බවයි හෙතෙම පවසන්නේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිසම අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා පළ වුවද ඒ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තමාට දැනුම් දී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.