― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට මධ්‍යස්ථාන 50ක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට මධ්‍යස්ථාන 50ක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

කොළඹ ප්‍රධාන කාර්යාලයට අමතරව වව්නියාව, කුරුණෑගල, මාතර සහ මහනුවර යන ප්‍රාදේශීය කාර්යාල 4ක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවත්, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ස්ථාන 50ක් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා කීය.