― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් කැබලි කර රැ‍ගෙන යයි

එක්ස්ප්‍රස් පර්ල් කැබලි කර රැ‍ගෙන යයි

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැ‍ගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

චීනයේ ෂැන්හයි ෂෙල්වේජ් (Shanghai Salvage) ආයතනය මගින් එම නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේදී කොළඹ වරාය අසළ මුහුදේ සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී මුහුදුබත් වූ අතර, නෞකාවේ කොටස් එහි හිමිකාරීත්වය දරණ සමාගම් විසින් රැගෙනයාම සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.

මෙම සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමන යටතේ සිදුකරන අතර සමුද්‍රීය පරිසරයට විය හැකි හානි අවම කර ගනිමින් මෙම කටයුතු සිදු කරන බවයි ඇය සඳහන් කළේ.