― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති හරීන් බොලිවුඩයේ සුපිරි තරු යුගලක් හමුවෙයි

ඇමති හරීන් බොලිවුඩයේ සුපිරි තරු යුගලක් හමුවෙයි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ හමුවී සාකච්ඡා කර තිබේ.

කොළඹදී මෙම හමුව සිදුවූ බව හරීන් අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කළා.

ශ්‍රී ලංකාව චිත්‍රපට නිෂ්පාදන පදනමක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඔවුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය සටහනේ සඳහන් කළා.

බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණි මොහොතේ මුනගැසුනා .එහිදි ඔවුන් සදහන් කලේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදිය හැකි උපරීම සහය ලබා දෙන අතර , ඒ වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු මෙරටට කැදවාගෙන විත් අවැසි සහය ලබාදෙන බවත් සදහන් කලා.