33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට

මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවයින පුරා අත්සන් කෙරුණු අත්සන් ලේඛන 11,000ක් අද (30) උදෑසන නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව වාර්තා වෙයි.

නීතිඥ නුවන් බෝපගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් මෙම ලේඛන සහිතව කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ සිට නීතිපති දෙපාර්තමේන්තුවට පා ගමනින් ගමන් කරද්දි ඊට පොලිස් බාධා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් පිරිස පා ගමනින් නීතිපති දෙපාර්තමේන්තුවට ගමන් කර එම ලේඛන භාර දී තිබිණි. හෘදසාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය නමින් දිවයින පුරා ඒ වෙනුවෙන් අත්සන් එකත් කරනු ලැබුවේය.