28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනයිජීරියානු ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳීසිටි නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) සවස් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබේ.

අදාළ සැකකරුවන් අද (19) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.