― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් අලෙවි කිරීම ගැන විමර්ශනයක්

පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් අලෙවි කිරීම ගැන විමර්ශනයක්

මිල්කෝ සමාගම මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් සත්ත්ව ආහාර සඳහා එක් සමාගමකට අනුමැතියකින් තොරව අලෙවි කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙට්‍රික් ටොන් 635ක කිරිපිටි තොගයක් මෙලෙස සත්ත්ව ආහාර සඳහා අලෙවි කර ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යාංශ ලේකම්වරයා මිල්කෝ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත්තේ.

මෙලෙස අලෙවි නොකරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා නියෝග කර තිබියදී එය මිල්කෝ සමාගමේ ඉහළ බලධාරින් විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් මත අදාළ කිරිපිටි තොගය ඔවුන් තීරණය කළ සමාගමකට විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.