― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකතෝලික සභාව නිදහස් උත්සවය වර්ජනය කරයි

කතෝලික සභාව නිදහස් උත්සවය වර්ජනය කරයි

ජාතික නිදහස් සැමරුම සඳහා කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණි පියතුමන් පැවසීය.

පියතුමන් වැඩිදුරටත් පවසන්නේ රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදල් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට සහභාගි විය නොහැකි බවයි.

විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක, ළමා මන්දපෝෂණයෙන් පෙළෙන රටක, රැකියා අහිමිවෙමින් තිබෙන රටක, ව්‍යාපාර කඩාවැටෙමින් ඇති රටක, නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති රටක, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන රටක, පැය 24ම විදුලිය සැපයීමට අසමත්වී ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද ?.. කියලා අපි ප්‍රශ්න කරනවා. මෙය ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක්. නිදහස් උත්සවයට කාදිනල් හිමියන් සහභාගී වෙන්නේ නැහැ. කිසිදු කතෝලික රදගුරුතුමෙකුද ඊට සහභාගීවෙන්නේ නැහැ.