― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයතුරුපැදි අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

ගොකරැල්ල පොල්ගොල්ල පිරිවෙන ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ ඔහුගේ මව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය බස් රථයක ගැටීමෙනුයි අද දහවල් අනතුර සිදුවී ඇත්තේ.

යතුරුපැදි ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එම බස් රථයේ බඳෙහි ගැටී යතුරුපැදිය පෙරලී ගොස් එම බස් රථයේම පසුපස රෝදයට යටවීමෙන් අනතුර සිදුව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මව සහ පුත්‍රයා ගොකරැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දේවගිරිය දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

පුත්‍රයාගේ වයස අවුරුදු 39ක් වන අතර මවගේ වයස අවුරුදු 62ක්.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොකරැල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අංඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.