26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආයතනවල වියදම් කැපෙන්නේ මෙහෙමයි

රජයේ ආයතනවල වියදම් කැපෙන්නේ මෙහෙමයි

2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6 කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා රජයේ වියදම් වඩාත් අරපිරිමැසුම්දායි ලෙස භාවිත කිරීම හා අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීමේ අරමුණින් එම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

වියදම් අවම කිරීම සඳහා හඳුනාගත ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි මස 28 වන දිනට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛය පහතින්,