30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthපිළිකා ඖෂධ ලැබෙන්න මාස 6ක් කල් යන ලකුණු

පිළිකා ඖෂධ ලැබෙන්න මාස 6ක් කල් යන ලකුණු

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබීමට නියමිත පිළිකා ඖෂධ තොගය තවත් මාස හයක කාලයක් ප්‍රමාද වීමට නියමිත බව අනාවරණය වී තිබේ.

ඊයේ (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතුවලට කාලය ගතවීම මෙම ප්‍රමාදයට හේතුව වී තිබේ. කෙසේ වෙතත් එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු කියා සිටියේ රෝහල්වල පිළිකා ඖෂධවල හිඟයක් පවතින බවයි.

පියයුරු පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා මෙන්ම පෙණහලු ආශ්‍රිත පිළිකා පහසුවෙන්ම සුව කර ගැනීමේ හැකියාව පවතින බවයි වෛද්‍යවරිය එහිදී කියා සිටියේ.

එමෙන්ම පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර රත්නපුර, යාපනය සහ මාතර රෝහල්වල පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පැවැත්වෙන බව ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරයි.