අනිද්දාට (04) යෙදී ඇති 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මාර්ග වසා තබන ප්රදේශවල පදිංචි ජනතාවට, ව්යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි.



