30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරක් සිදු කර පලා ගිය සැකකරු මාසයකට පසු අත්අඩංගුවට

රිය අනතුරක් සිදු කර පලා ගිය සැකකරු මාසයකට පසු අත්අඩංගුවට

පසුගිය වසරේ දෙසැම්බර් මස 2 වෙනිදා පිළියන්දල, පැලන්වත්ත, පොල් කොටුව ප්‍රදේශයේදී 58 හැවිරිදි පුද්ගලයෙකු යතුරු පැදියක හප්පා බරපතළ තුවාල සිදුකර පලා ගිය 22 හැවිරිදි සැකකාර තරුණයා CCTV කැමරා 16 ක් පරික්ෂා කර මාසයකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

සැකකරු පැදවූ යතුරුපැදියද පොලිස් බාරයට ගෙන ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි මූල්‍ය සමාගමක සේවයේ නියුතු 58 හැවිරිදි පුද්ගලයෙක්.

බරපතළ තුවාල ලද පුද්ගලයා රාජකාරියේ අවශ්‍යතාවයක් සඳහා යතුරු පැදියෙන් පැමිණ වෙළඳ සැලක් ඉදිරිපිට යතුරු පැදිය නවතා පැලැන්වත්ත, පොල්කොටුව ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙසේ යතුරුපැදියේ ගැටී ඇති අතර යතුරුපැදිය නොනවත්වා ධාවනය කර තිබුනා.

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී තුවාල ලද පුද්ගලයා යතුරු පැදියෙන් ගැටෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වුවද යතුරු පැදියේ ලියාපදිංචිය අංකය පැහැදිලි නොවීම හේතුවෙන් පොලිසිය දිගින් දිගටම අනතුර පිළිබඳව පරීක්ෂණ සිදුකර සිසිටිවි කැමරා 16 ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ සේවා ස්ථානයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරනවා.

මහරගම පදිංචි 22 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.