ඕස්ට්‍රේලියාවේ නව ඩොලර් පහේ නෝට්ටුවේ ඓඓඓ වන චාල්ස් රජුගේ රූපය ඇතුළත් නොවන බව එරට මහ බැංකුව නිවේදනය කර තිබේ.
ඒ අනුව දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ ප්‍රතිමුර්තියක් නව ඩොලර් පහේ නෝට්ටුවේ දිස්වන බවයි ඕස්ට්‍රේලියානු මහ බැංකුව පවසන්නේ.
සංචිත බැංකු මණ්ඩලයේ මෙම තීරණය ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ගත් එකක් බවත් නව මුදල් නෝට්ටුව ස්වදේශික ඔස්ට්‍රෙලියානුවන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසයට උපහාරයක් වන ලෙස නිර්මාණය කරන ලද බවත් එරට මහ බැංකුව අවධාරණය කරයි.
ඕස්ට්‍රේලියාවේ වෙනත් වටිනාකමක් ඇති මුදල් නෝට්ටුවක සැලසුම වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව වෙත දැනට කිසිදු සැලසුමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


