සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.
පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙනයි ඔවුන් මෙලෙස උසස් කර ඇත්තේ.
මෙම පත්කිරීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි කළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.


