27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsupdate - මරණයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවෙයි

update – මරණයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවෙයි

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ මෝටර් රථය සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මීගමුව ගරාජයක සඟවා තිබී එම රථය මෙලෙස සොයාගත් බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ. මෝටර් රථය රැගෙන ආ බව පවසන යුවලක් මේ වන විටත් විදේශ ගතව ඇතැයි පොලීසිය සඳහන් කරන්නේ.

ඉකුත් 30 රාත්‍රියේ දී මෙම ඝාතනය සිදු වන්නට ඇති බව සැක කෙරෙන අතර, 31 වෙනි දින එම සැකකාර යුවළ විදේශගතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.