25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවික්ටෝරියා නූලන්ඩ්ගේ ප්‍රකාශයට චීනයෙන් දැඩි පිළිතුරක්

වික්ටෝරියා නූලන්ඩ්ගේ ප්‍රකාශයට චීනයෙන් දැඩි පිළිතුරක්

දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු චීනය සම්බන්ධයෙන් පළකළ අදහස් පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඊයේ (02) පැවති චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කර සිටියේ අමෙරිකාව, චීන ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතු බවයි.

එමෙන්ම අමෙරිකාව සිදු කරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශය, චීන එක්සිම් බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය වන බව තහවුරු කර ඇති බව පැවසුවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් ලබාදිය යුතු බව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් පැවසුවා.