― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ බහාලුම් 88 ක් රේගුවේ...

බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි

ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව විසින් රඳවා ගත් රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ බහාලුම් 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදමි තුළ ස්ථානගත කර ඇති බව හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන් වරාය අධිකාරියට විශාල පාඩුවක් මෙන්ම ගුදමි හා පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී හෙළිව ඇත්තේ.

මෙලෙස සිරවී ඇති භාණ්ඩ අතර 2015 වසරේදි රඳවා ගත් පුවක් බහාලුම් 12 ක්, 2019 වසරේදි රඳවා ගත් බාස්මතී සහල් බහාලුම 39 ක්, 2020 වසරේ රඳවා ගත් ටයිල් බහාලුම 15 ක්,2013 වසරේ රඳවා ගත් වාහන අමතර කොටස් බහාලුම 05 ක් වනවා.මීට අමතරව තවත් බහාලුම් රැසක් පවතින බවයි. එම අමාත්‍යංශය සඳහන් කළේ.