35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දුනීසියාවේ අගනගරය වෙනස් කළේ ඇයි?

ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් කළේ ඇයි?

ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර තිබේ. නව අගනගරය නම් කර ඇත්තේ ‘නුසන්තාරා’ යනුවෙනි.
   
වර්තමාන අගනගරය වන ‘ජාකර්තා’ නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි.

බෝර්නියෝ නම් දූපතෙහි නව අගනගරය ස්ථාපනය කර ඇති අතර එය සංවර්ධනය කිරීම 2019 වසරේදී ඇරඹීය.

භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති. එහි ජනගහණය මිලියන 10කි.