― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩුව පැනවූ නව බද්ද නිසා වෛද්‍යවරු 500ක් රට හැර ගිහින්!

ආණ්ඩුව පැනවූ නව බද්ද නිසා වෛද්‍යවරු 500ක් රට හැර ගිහින්!

මෙරට අස්ථාවරභාවය හමුවේ රට හැර ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 500කට අධික බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කළ අසාධාරණ හා අත්තනෝමතික බදු ක්‍රමය නිසා වෛද්‍යවරුන් රට හැරයන බවත් මේ බදු ක්‍රමයේ 6% සිට 36% දක්වා වෘත්තිකයන්ගෙන් අය කිරීමක් කර තිබෙන බවත්ය.

එමෙන්ම පසුගිය වසරේ 2022 සහ 2023 කාලසීමාවට ඖෂධ ඇණවුම් කර නැති බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් රට හැර යාමට හේතුවක් තමයි සමාජයේ ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය. මේ වෛද්‍යවරුන් රටට සේවය ලබා දෙන්න හැකියාව ඇති දියුණු දැනුමක් ඇති වෛද්‍යවරු. මේ වන විට වෛද්‍යවරු 500කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තාක්ෂණ නිලධාරීන් රට හැර යාමට උත්සහ දරමින් ඉන්නවා. වෛද්‍යවරුන් විවිධ විභාගවලට සූදානම් වෙමින් ඉන්නවා වෙනත් රටවල විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වෙන්න. අපි ආණ්ඩුවට බලපෑම් කරනවා, මේ වෛද්‍යවරුන්ගේ වෘත්තිකයන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න කියලා. බදු අය කළ යුතුයි. එහෙත් අසාධාරණ ලෙස බදු අය කිරීමත් ඔවුන් රට හැර යාමෙන් එය ඊටත් වඩා බරපතළ තත්ත්වයකට රටට මුහුණ දෙන්න සිදු වේවි.

පසුගිය කාලසීමාව තුළ වැටුප් වැඩිවීමක් සිදුවුණේ නෑ. වෙනත් ක්ෂේත්‍රවලට වඩා වෛද්‍යවරුන් හදිසි කැඳවීම්වලදී රෝහලට පැමිණිය යුතුයි. එයට ප්‍රවාහන දීමනාවක් සහ කැඳවීම්වලට අදාළ දීමනාවක් තිබුණා. මේ දීමනාවලටත් බදු අය කිරීමට ආදායම ලෙස එකතු කර තිබෙනවා. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඉතාමත් කලකිරීමෙන් සේවයේ යෙදෙන්නේ. මෙය සෞඛ්‍ය සේවයට බරපතළ ලෙස බලපානවා. ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. සමහර මිල ඉහළ යෑම 300% දක්වා ගොස් තිබෙනවා. මේ ආනයනය කරන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. මේ වෙන කොට අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග බොහොමයක් අඩු බවට වාර්තා වෙනවා. මේක නම් කර තිබෙන්නෙ අපේක්ෂා රෝහල කියලා. මේ අපේක්ෂා රෝහලට එන රෝගීන් අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා.
බොහෝ රෝහල්වල ඖෂධ නෑ. ඒ සමග ම පරීක්ෂණ කර ගැනීමේ හැකියාවක් නෑ. බේරුවල රෝහලේ සුදු රුධිරාණු පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ. දවසකට සාම්පල 15ක් පමණ අරගෙන කළුතරට හෝ දර්ගා නගරයට යවනවා. වෛද්‍යවරුන්ට ලබා දිය හැකි සේවාව බවට පත්වෙලා තිබෙන්නේ ඒ ආකාරයෙන්.”