29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා නව කර්මාන්ත පුරයක් වාලච්චේනේ

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා නව කර්මාන්ත පුරයක් වාලච්චේනේ

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කොට ගෙන වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා භූමියෙන් අක්කර 25 ක භූමි ප්‍රමාණයක් නව කර්මාන්ත පුරයක් සදහා වෙන් කරන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.

කොළඔ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වුණේ13 වන වරටයි.

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති පී. ජී. ඩී. නිමලසිරි, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, ලංකා කාර්මික සංවර්ධන මණිඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අමාත්‍යාංශ නිලධාරීන්, කර්මාන්තකරුවන් අතුළු විශාල පිරිසක් සහභාගි වුහ.