27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 4,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 4,000 ඉක්මවයි

ඊයේ (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ වන විටත් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

ඊයේ රාත්‍රිය පුරා ද ක්‍රියාත්මක වූ එම මෙහෙයුම් සඳහා අධික සීතල, හිම පතනය සහ වර්ෂාව බාධා වී තිබේ.

රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව ඊයේ (06) අලුයම ගාසියන්ටෙප් නගරය අසළ ඇති වී තිබුණේ බොහෝ දෙනෙකු නින්දේ සිටියදී ය. ඉන් ඇති වූ කම්පනවලින් පසු රික්ටර් පරිමාණයේ 7.5ක තවත් භූ කම්පනයක් එරට වේලාවෙන් දහවල් 1:30 ට පමණ සිදු විය.

පළමු භූමිකම්පාවෙන් පසු තුර්කියේ පමණක් 2,900කට වැඩි පිරිසක් මිය ගිය අතර 15,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව එරට ආපදා ඒජන්සිය සඳහන් කර ඇත.

සිරියාවේ 1,400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. දෙරටේ ම ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී අතර තවමත් සුන්බුන් අතර මිනිසුන් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුර්කිය උදව් ඉල්ලා ජාත්‍යන්තරයෙන් ආයාචනය කිරීමෙන් පසු එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් ආධාර යැවීමට පියවර ගෙන ඇත.