― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූමිකම්පාව ගැන දවස් 3කට කලින් පර්යේෂකයෙක් අනතුරු අඟවලා

තුර්කි භූමිකම්පාව ගැන දවස් 3කට කලින් පර්යේෂකයෙක් අනතුරු අඟවලා

භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සිදුකළ නොහැකි බවට විද්‍යාඥයින් පවසනවා. නුමුත් එය තවදුරටත් වලංගු ද යන ප්‍රශ්නාර්ථය මේ වන විට මතුවී තිබෙනවා. ඒ, ඊයේ අලුයම තුර්කියේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භුමිකම්පාවත් සමගයි.

නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු වන Frank Hoogerbeets මිට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ අනාවැකියක් පළකර තිබුණා.

” ඉක්මනින් හෝ පසුව මෙම කලාපයේ (දකුණු-මධ්‍යම තුර්කිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය) ~M 7.5 ක භූමිකම්පාවක් සිදුවනු ඇත,” ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

නෙදර්ලන්ත ජාතික පර්යේෂක Frank Hoogerbeets විසින් පළකර තිබු අනාවැකිය මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වී තිබෙන අතර ඒ ඔහු තුර්කියේ සිදුවූ භූමිකම්පාවට දින 03කට පෙර ඒ ගැන නිවැරදිව සටහන් කර තිබීම හේතුවෙන්.

Frank Hoogerbeets ඉන් පසුව නැවත වරක් ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ තුර්කිය ඇතුළු එම කලාපය තුල ප්‍රබල පසුකම්පන සිදුවීමේ හැකියාවක් පවතින බවයි.