29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැදිරිගිරිය පොදු ක්‍රීඩාංගණයේදී අයෙක් දිවි නසාගනියි

මැදිරිගිරිය පොදු ක්‍රීඩාංගණයේදී අයෙක් දිවි නසාගනියි

මැදිරිගිරිය නගරයේ පොදු ක්‍රීඩාංගණය තුළදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ (06) උදේ 11.55ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේ.

37 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර ඔහු පොළොන්නරුව, පුලස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා ඇසුරු කළ කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ සිටින අයුරු දැක ඉන් සිත් තැවුලට පත්ව මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට පෙර මෙම පුද්ගලයා ලිපියක් ද ලියා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි මැදිරිගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.