― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ වරාය නගරයට ජාත්‍යන්තර පාසලක්

කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර පාසලක්

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව ඇත්දැයි බ්‍රිතාන්‍යයේ ස්වාධීන පාසල් සොයාබලන බවට තොරතුරු වාර්තා වෙයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් මේ මස මුලදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ.

ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විතව දකුණු ආසියාවේ ජාත්‍යන්තර නගරයක් ලෙසින් ගොඩනැගෙන කොළඹ වරාය නගරය, ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විත වේ. තිරසාරත්වයට මුල්තැන දෙන එම නගරය සැලසුම් කර ඇත්තේ, සේවා සැපයීම පදනම් කරගත් විශේෂ ආර්ථික කලාපයක් වශයෙනි.