27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් විදුලිය කැපෙයිද?

අදත් විදුලිය කැපෙයිද?

අද (20) කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් නමැති ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීම හේතුවෙන් බව එම සංගමය කියා සිටියි.

ඊයේ පස්වරුවේදී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉන්ධන නොමැති වීමෙන් ධාරිතාව සහ සමබරතාව රැක ගැනීම සඳහා වරින්වර විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව නිවේදනය කළේය.