24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයියා - මලෝ රණ්ඩුවක් මරණයකින් කෙළවර වෙයි

අයියා – මලෝ රණ්ඩුවක් මරණයකින් කෙළවර වෙයි

කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේදී තම සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළැයි කියන 14 හැවිරිදි සහෝදරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) දහවල් මෙම ඝාතනය සිදුව ඇති අතර පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ වැඩිමහල් සහෝදරයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතිරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියා බැලීම සඳහා රෝහලට ගොස් සිටියදී මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිව ඇති බවත් එහිදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී බවත් පොලීසිය පවසයි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි.